පිරිසිදු අරගල කරුවන්ගේ මිනී මතින් ඇවිදින, පාදඩ දේශපාලන ගැත්තන්ගේ තිරිසන් ක්‍රියා දාමය

අරගලය ගොඩ නැගුනේ මිනිස්සු මතිනි. අරගලය පෝෂණය වූයේ මහ ජනතාවගේ රුධිරයෙනි, දහදියෙනි, ඒ වගේම බුද්ධියෙනි. අරගලය පුරාවට මහ ජනතාව කල කැපකිරීම්, දරා ගැනීම්, අපට සිහිපත් කරනුයේ සැබෑ ජන අරගලයක, අති විශිෂ්ඨ ප්‍රතිමූර්තියකි.

අරගලය ගොඩ නැගූ මිනිස්සු පාලකයාව පලවා හැරියෝය. ඒ සුවහසක් බලාපොරොත්තු අතරේ මේ රටට නව පාලනයක් ගෙන දීම පිණිසය. නමුදු එක තත්ත්පරයකින් සියල්ල වෙනස් විය.

අරගලයට මුවා වී සිය දේශපාලන වුවමනාකම් පිරි මසා ගැනීමේ යෙදී සිටි, අරගලයට මුවා වී සිය පෞර්ශත්වය වර්ධනය කිරීමේ කටයුතු වල යෙදී සිටි, අරගලයට මුවා වී සිය පෞද්ගලික බැංකු ගිණුම් තර කිරීමේ ව්‍යායාමයේ යෙදී සිටි, අරගලයට මුවා වී හෝටල්, ස්ත්‍රී, යාන වාහන පහසුකම් ලබමින් සිටි, සියළු දෙනා ඊලඟට පත් වූ පාලකයා පාමුල දෙදණ බිම ගසා නිවට නියාලූවන් බවට පත් වූ බව අප දනී. දනපති මාධ්‍ය ලොක්කන් ඉදිරියේ දණ නමා ඔවුන්ගේ දෙපතුල් සිඹිමින් කටයුතු කල අරගල නායකයන් අප දනී.

මේ හෙළි දරව්වට සුදුසුම කාලයයි. සියළු සාක්ෂි සහ නම් ගම් ඇතිව, අප මෙම දැවැන්ත පාවාදීම් සිදු කල තිරිසන් සම මිනිසුන් ගැන හෙලි කරමු. ඒ වගේම මේ රටේ දැවැන්ත මූල්‍ය වංචා සාක්ෂි සහිතව හෙළි දරව් කරමු.

නිර්මාණි ලියනගේ සොයුරියනි, බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න සොයුරාණෙනි, අපි ඔබට සැනසීම ලබා දෙන්නට දිවුරමු. ඔබේ පැතූ ලෝකය අප බිහි කරන්නට සපථ වෙමු.



රැඳී සිටින්න අප සමඟ

Instagram  

https://www.instagram.com/aragalanews?igsh=NGVhN2U2NjQ0Yg==

X

https://x.com/AragalaNews?t=bCfdLJ_LObgy03C-zGlxmw&s=09

Whatsapp Channel

https://whatsapp.com/channel/0029VaJo7Ln9WtC6kDckWK1m

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top