දිලිත් ජයවීර ජනපති සිහිනය සැබෑ කරන්න, විශ්ව ලංකා ගහන ඩබල් ගේම මෙන්න.. (වීඩියෝ සහිතයි )

අරගල කරපු ඔයාලට මතකද මෙයාලා ගැන. මේ එක්කෙනෙක්. අපි හෙමින් ඔයාලාට එවන්නම් අනිත් අය ගැන..

අද කියන්න යන්නෙ අරගලයට මුවාවෙලා රට වටේට පොලිටිකල් ගේම් එකක් ගහන විශ්ව ලංකා සහ එයාගෙ ලොක්කා දිලිත් ජයවීර ගැන.

අපි පටන් ගමු, ප්‍රවීණ කලාකරු, දක්ෂ ගායක, සමාජ සේවක විශ්ව ලංකා හශීම් ගෙන්.. විශ්ව ගැන අපට පෞද්ගලික තරහක් නෑ. හැබැයි විශ්ව තමන්ගේ ජනප්‍රියත්වය දඩමීමා කරගෙන මේ රටේ පොදු ජනතාව අන්දන්න කරන මහන්සිය ගැන අපි හෙළිදරව් කරන්න ඕන.

ආයුබෝවන් මචංලා.. විශ්ව එහෙමයි පටන් ගන්නේ. තමන් සතු කලා හැකියාව දඩමීමා කරගෙන විශ්ව පටන් ගන්නවා ඊලඟ මැතිවරණයකදි තමන්ගේ ලොක්කාව දිනවන්න රටේ මිනිස්සු පෙල ගස්සන්න. කවුද විශ්වගෙ ලොක්කා. ඒ තමයි දිලිත් ජයවීර. දිලිත් ජයවීර කියන්නේ මේ රටේ ව්‍යාපාරිකයන් අතර ප්‍රමුඛයෙක්. දිලිත්ගෙ වචනයෙන් කියනවානම්, රාජපක්ෂලා බලයට ගෙන එන්න ප්‍රභල දායකත්වයක් දක්වපු පුද්ගලයෙක්. දැන් දිලිත් තමන්ගේම පක්ෂයක් ලෑස්ති කරගෙන රටේ ජනාධිපති වෙන්න පොරකනවා. දිලිත්ම සල්ලි වියදම් කරලා කැම්පේන් කරපු ජාතික ජන බලවේගය දිලිත්ට ඡෝදනා කරන්නෙ ඇන්ටිජන් වංචාව කරපු මහ තඩි හොරෙක් විදියට.

හැබැයි ඒ ගැන විශ්ව ලංකා එක වචනයක් කියනවා අහලා තියෙනවාද?  විශ්ව පාවිච්චි කරපු වාහනයක් හොර වාහනයක් කියලා කුරුණෑගල පොලීසියෙන් අල්ලනවා. ඒ වාහනේ විකුණුවේ විශ්ව ලංකා කියලා හිමිකරු පොලීසියට කියනවා. ඒ වගේම විශ්ව ඒ වාහනය පාවිච්චි කරපු බව කියන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. විශ්ව නැවතත් අහිංසක මූණෙන් යුතුව සජීවී ඇවිල්ලා හැඟීම්බර මුහුණෙන් ජනතාව නොමඟ යවනවා.

විශ්ව දැන් ගෙයින් ගෙට යනවා. පාසැල් පොත් බෙදනවා. ඒකට ඇති තරම් සල්ලි ලැබෙන්න ඕන විදිහට දිලිත් ජයවීර තමන්ගේ මාධ්‍ය ජාලය හරහා ඇති තරම් සල්ලි පොම්ප කරනවා. විශ්වට සෑහෙන වැඩසටහන් ලබාදෙනවා.. දෙරණ ඩිශුම් ඩිශුම්, ඩ්‍රීම්ස්ටාර් වගේ වැඩසටහන් ලබාදීමත්, ටෙලි නාට්‍ය, චිත්‍රපට වලට විශ්ව ලංකාව රිංගවමින් ඒ හරහා දිලිත්ගේ ජනපතිවරණයට ජනමතය වෙනස් කිරීමත් කරන්න දිලිත් ජයවීර දාපු ඉත්තා බවට දැන් විශ්ව ලංකා පත්වෙලා ඉන්නවා කියන එක රහසක් නෙවෙයි.

ගෝඨාභය රාජපක්ෂගේ වයින් බඩියා වෙච්ච දිලිත් ජයවීර, අන්තිම වෙලාවේ රාජපක්ෂ කඳවුර ඇතුලේ අවුල නිර්මාණය කරලා අරගලය පෝෂණය කරපු හැටි අපි ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා.

අරගලය ජනතාව මතින් ඉදි වුන බව ඇත්ත. හැබැයි අරගලයට මුවාවෙලා පොරවල් වෙච්ච විශ්ව ලංකා වගේ මිනිස්සු එක්ක, අරගලයටත් ගේම් ගහපු දිලිත් ජයවීරලා කරන මේ සාහාසික බල තණ්හා වැඩ පිළිවෙල ගැන ජනතාව දැනුවත් වෙන්න ඕන.

විශ්ව ලංකා වගේ අයගෙ වොයිස් කට් වලින් හැඟීම් පුබුදුවාගෙන, රට පුරා දේපල ගිනි තියපු ජනතාව හිටියා. ඒ මිනිස්සු අද තාම උසාවි යනවා. ඒ මිනිස්සුන්ගෙ පවුල් අද දුක්විඳිනවා. හැබැයි විශ්ව ලංකා රට වටේ ඇවිදලා බෙදන එක බඩු මල්ලක් ඒ මිනිස්සුන්ගේ ගෙවල් වලට යනවාද? එක පොතක් පෑනක් ඒ මිනිස්සුන්ගේ දරුවන්ට යනවාද?  නෑ.. ඇයි ඒ? එහෙම නොයන්නේ අරගලයට ආපු මිනිස්සුන්ව එයාලා පාවිච්චි කරලා ඉවරයි. ඒ මිනිස්සුන්ගෙන් දැන් එයාලාට වැඩක් නැහැ. එයාලාට ඕන දැන් රටේ බලය පතුරවන්න.

නායකයෝ හදලා, ව්‍යාපාර පුලුල් කරලා, රාජපක්ෂලාට, වික්‍රමසිංහලාට, වගේම ජාතික ජන බලවේගය ඇතුලු හැමෝටම වියදම් කරලා තමන්ගේ ව්‍යාපාර ජාලය පුලුල් කර ගත්තු මනුස්සයෙක්ව ජනාධිපති කරන්න, තමන්ගෙ නලුකම, කතිකත්වය, හැඟීම්බර මුහුණ, මචං කියන ආමන්ත්‍රණය යොදාගෙන විශ්ව ලංකාලා වගේ මිනිස්සු ගහන තුච්ඡ, ම්ලේච්ඡ, බල තණ්හාධික ගේම් වලට තව දුරටත් මහ ජනතාව වන ඔබ රැවටෙනවාද කියන එක තීරණය කරන්න ඔබට බාරයි.

වීඩියෝව පහත සබැඳියෙන්

https://youtu.be/pa2EDZ-hQNo?si=TqXOb8gkY6vaJLam

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top