රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ මරණය ඝාතණයක්?

ඊයේ (25) අලුයම වූ හදිසි අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මිය ගොස් තිබේ. මේ වනවිට එම අනතුර පිළිබඳ පොලිස් පරීක්ෂණ වෙනත් දිසාවකට යොමුව ඇති බව පොලීසියේ අභ්‍යන්තර ආරංචි අප වෙත වාර්තා කර සිටී.

මෙහි මූලික සැකයට හේතු වී ඇත්තේ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රියැදුරු, ඊට පෙරදින දැමූ වට්ස් ඇප් ස්ටේටස් එකක් වීමයි. පහත දැක්වෙන්නේ එම ප්‍රභාත් එරංග නම් රියැදුරාගේ වට්ස් ඇප් ස්ටේටස් එකයි.

මෙම වට්ස් ඇප් ස්ටේටස් එක හිතලුවක් ලෙස බැහැර කරමින් සිටින අවස්තාවක තමයි ඔහුගේ කට උත්තරය ලබා දෙන්නෙ. ඔහුගේ කට උත්තරයේ සඳහන් වන්නේ අනතුර සිදු වන වෙලාවේදී ඔහු පැයට කිලෝමීටර් 200ක වේගයෙන් රථය පැදවූ බවයි. ප්‍රභූ රියදුරෙකුට හදිසි අවශ්‍යතාවයක් නොමැති වේලාවක රථය පැදවිය හැකි උපරිම වේගය ලෙස සැලකෙන්නේ පැයට කිලෝ මීටර් 120කි. නමුත් පෙර දින දැමූ වට්ස් ඇප් ස්ටේටස් එකත්, අනතුර දින රථය පැද වූ අසාමාන්‍ය වේගයත් නිසා පමණක් නොව, මෙවන් දරුණු හදිසි අනතුරකදී රියදුරු සුළු තුවාල ලබා බේරීමත් කියන කරුණු නිසා, මෙම අනතුර සැලසුම් සහගතව සිදු කල ඝාතනයක්ද යන්න පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top