සනත්ගේ රියදුරු සති තුනකට ඔහතදී ජාජබ ලොක්කෙක් සමඟ සාකච්ඡාවක?

සනත්ගේ රියදුරු සති තුනකට ඔහතදී ජාජබ ලොක්කෙක් සමඟ සාකච්ඡාවක…

රනිල් අභියස ජජබ වැද වැටේ..

සනත් නිශාන්තගේ අනතුර ඝාතනයක් යැයි මුලින්ම කීවේ අපයි. අනතුරුව සනත් නිශාන්තගේ රියැදුරු සූරියහෙට්ටි අධිකාරි මුදියන්සේලාගෙ ප්‍රභාත් එරංග ඩිල්නේෂා දැමූ වට්සැප් ස්ටේටස් එක හා ඔහුගේ කට උත්තරයේ සඳහන් කරුණුවල පරස්පරතාවය මුලින්ම මතුකලේ අරගලනිව්ස් වෙබ් අඩවියයි. එම පුවත තටු සලා ඉගිලී යාමත් සමඟ සනත් නිශාන්‍තගේ රියදුරා පොලිස් අත් අඩංගුවට ගනු ලැබිණි. මේ වනවිට පොලිස් පරීක්ෂණ හමුවේ හෙළිව තිබෙන්නේ ඉතාම දරුණු කාරණා කීපයකි.

රියදුරුගේ කට උත්තරයේ තිබෙන අප කලින් සඳහන් නොකල කාරණයක් ගැන පළමුවෙන් කිව යුතුය. මෙම ලියුම් කරුටත් වෙන ඕනෑම අයෙකුටත් අධිවේගී මාර්ග නීති එක සමානය. සනත් නිශාන්තගේ රියදුරුගේ කට උත්තරයේ සඳහන් ආකාරයට රිය ධාවනය වී ඇත්තේ පැයට කිලෝ මීටර් 200ක් හෝ ඊට ආසන්න වේගයකටය. ඔහු කියා තිබෙන්නේ කාර් රථයක් ඉස්සර කර, ඉන් පසුව කන්ටේනර් රථයක් ඉස්සර කරන්නට ගිය බවයි. නමුත් පසුපසින් කාර් රථයක් වේගයෙන් එනු දුටු බැවින් තම ජීප් රතය වමට හැර වූ බවයි. VIP කෙනෙක්ගෙ වාහනේක රියදුරු මෙවන් කීකරු ලෙස වාහනය හැසිරවීම ගැන ඔහුට සම්මාන ලබා දිය යුතුය. නමුත් එසේ වමට නොදමා කන්ටේනර් රථය ඉස්සර කර වම් දිසාවට දැම්මා නම්, මෙම අනතුර සිදු නොවන බව මේ වනවිට පොලීසියේ නිරීක්ෂණයට බඳුන් වී ඇත. ඒ වගේම කන්ටේනර් රථයේ පසුපස දකුණු පැත්තේ මුල්ලත්, ජීප් රථයේ ඉදිරිපස වම් පස මුල්ලත් දශමෙක වෙනසකින් තොරව එකට ගැටීම පිළිබඳව පරීක්ෂණ කණ්ඩායම් විමතියට පත්ව සිටී. ජීප් රථයේ වම්පස සම්පූර්ණයෙන්ම හානි වී ගොස්, දකුණු පස බේරෙන්නේ, එම ගැටුණු කෝණය නිසා බවත්, පරීක්ෂණ කණ්ඩායම් වල නිගමනය වී තිබේ.

කෙසේ වෙතත් රියැදුරුගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමත් සමඟ, ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජික නීතිඥ උපුල් කුමාරප්පෙරුම සමඟ සනත් නිශාන්තගේ රියැදුරු සමීප ඇසුරක් පවත්වා ඇති බව පොලීසිය හෙලි කරගෙන ඇත.

ජනවාරි 11 දිනට ආසන්න දිනයක නීතිඥ උපුල් කුමාරප්පෙරුම හා සනත් නිශාන්තගේ රියැදුරු ප්‍රභාත් එරංග බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ, The Long Bar අවන්හලේ දී මුණ ගැසී ඇති බවත්, නීතිඥ උපුල් කුමාරප්පෙරුම ඒ සඳහා පැමිණ ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය හා සම්භන්ධ රජයේ වාහනයකින් බව වැඩි දුරටත් හෙලි වී ඇත.

අවලෝකීතීශ්වර බෝධි සත්ව නමින් පෙනී සිටිමින් බෞද්ධාගමට අපහාස කල පුද්ගලයාට මෙන්ම මත්පැන් පානය කරමින්, චීවරයට අපහාස කරමින් සමාජ මාධ්‍ය තුල සැරි සැරූ විශ්ව බුද්ධ නම් පුද්ගලයා වෙනුවෙනුත් නීතිඥ සහාය ලබා දෙන්නේ මෙම උපුල් කුමාරප්පෙරුම වීම විශේෂත්වයකි.

ඒ වගේම මෙම සිද්ධිය සම්භන්ධව සමාජ ජාලා වලද අමුතු සටහන් පලවේ. මේ තිබෙන්නේ එවැනි සටහනකි.

මෙම සිද්ධිය හෙලිවීමත් සමඟ ජාතික ජන බලවේගයේ දේශපාලන නායකයෝ, මෙම සිදුවීම මාධ්‍යයන්හි පලවීම වලක්වා ගැනීම පිණිස, ජනපති රනිල් වික්‍රමසිංහගේ සහාය ලබා ගැනීමට, සාගල රත්නායක හමු වී ඇතැයි පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග තව දුරටත් වාර්තා කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top