ෆොන්සේකා – ජාජබ සාකච්ඡා අසාර්ථකයි – දූෂිතයන් අනවශ්‍යයි.. අනුර එළිපිටම විරුද්ධ වෙයි.

සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය හැරදා ජාතික ජන බලවේගය හා එක්වීම සඳහා සිදුකල සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වේ. 

හිටපු යුධ හමුදාපති ජෙනරාල් දයා රත්නායකත්, හිටපු නාවික හමුදාපති දයා සඳගිරිත් සමගි ජන බලවේගය සමඟ එක්වීම නිසා, සජිත් ප්‍රේමදාස සමඟ විරසක වූ සරත් ෆොන්සේකා ජාතික ජන බලවේගයට එක් වීමට සාකච්ඡා ආරම්භ කරනු ලැබිණ.

ජාතික ජන බලවේගයේ මධ්‍යම කාරක සභාව ඒ පිළිබඳව සිය මනාපය ප්‍රකාශ කර සිටි අතර, ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර දේශපාලන මණ්ඩලය එම යෝජනාව ඉතා දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ.

බලය ලබා ගැනීම පිණිස එවන් පුද්ගලයන් එකතු කර ගැනීම අවශ්‍ය බව ජාතික ජන බලවේගය කියා සිටියාත්, ජනතා විමුක්ති පෙරමුණ කියා ඇත්තේ දූෂිතයන්ට ඉඩක් ලබා දීම නොකල යුතු බවත්, සරත් ෆොන්සේකා තමන්ට අත දුන් සෑම දෙනාටම පාහේ නින්දිත දේශපාලන ක්‍රියාවන් සිදුකල විශ්වාස කල නොහැකි මිනිසෙක් බවත් කියා එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.

එම සාකච්ඡා බිඳ වැටීමත් සමඟ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කර ඇත්තේ, නැවතත් සජිත් ප්‍රේමදාසට සහාය නොදක්වන බවත්, මේ පාර්ලිමේන්තු වාරයෙන් පසුව තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගන්නා බවත් ය. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top