දඹුල්ලේ පුංචි පොහොට්ටුවෝ කප්පම් ප්‍රසන්නට සහ බල්ටි ප්‍රමිතට හූ කියති.

පසුගියදා මාතලේදී පොහොට්ටුවේ ප්‍රදේශීය දේශපාලන නායකයන් හමුවීමක් සිදුව ඇති බව වාර්තා වේ. ඒ සඳහා කප්පම් නඩුවක් තිබෙන ඇමති ප්‍රසන්න රණතුංගත්, වාසියට බල්ටි ගහන රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර බණ්ඩාර තෙන්නකෝනුත්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටෙගොඩත් ප්‍රධානත්වය උසුලා ඇති බවයි අරගල නිව්ස් වෙත වාර්තා වෙන්නෙ.

මෙහිදී කප්පම් ප්‍රසන්නත්, බල්ටි ප්‍රමිතත් මෙවර අයවැයෙන් වෙන් වූ මුදල් පෙන්වා, ප්‍රාදේශීය නායකයන් බිලී බෑමට තැත් කරන බව ඊට සහභාගී වූ පොහොට්ටු පොඩ්ඩෝ චොදනා කරමින් සිටී. ප්‍රසන්නත්, ප්‍රමිතත් රනිල් සරණ යන බවත්, ඉදිරි ජනපතිවරණයකදී රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවන්නට ඉදිරිපත් වන බවත් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, සභාවේ දැඩි නොසංසුන්තාවයක් හට ගෙන තිබේ.

මෙහිදී රාජපක්ෂ ගැති නාලක කෝට්ටෙගොඩ තමන් එම මතයේ නොමැති බවත්, ප්‍රසන්නගේත්, ප්‍රමිතගේත් අදහස ඔවුන්ගේ පෞද්ගලික තීරණයක් මිස, පොහොට්ටුවේ තීරණයක් නොවන බව කියා පෑමත් සමඟ පොහොට්ටු පොඩ්ඩෝ හූ කියමින් බනිමින් කප්පම් ප්‍රසන්නට හා බල්ටි ප්‍රමිතට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.

මෙයින් නොනැවතුනු දඹුල්ල නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් කප්පම් ප්‍රසන්නට හා බල්ටි ප්‍රමිතට කියා ඇත්තේ, “අපිපොහොට්ටුව දාලා එන්නෙ නෑ.. උඹලා ආවේ අපිට සල්ලි පෙන්නලා බිලී බාන්න නම්, තොපේ සල්ලි ගහගනින් රෝල් කරලා පු#” යනුවෙනුයි.

තමන්ගේ උත්සාහය අසාර්ථක වීම දැනගත් පසු, කප්පම් ප්‍රසන්නත්, බල්ටි ප්‍රමිතත් පසු බා ගොස් ඇති අතර, නාලක කෝට්ටගොඩගේ හා දඹුල්ල නගර සභාවේ හිටපු නගරාධිපති ජාලිය ඕපාතගේ මැදිහත් වීමෙන්, සභාව සංසුන් කරමින් ඉදිරි කටයුතු සිදු කර ඇත.

කෙසේ වුවත් කුඩු ලංසා හා කප්පම් ප්‍රසන්න එකතුව සදන නව සංධානය, තමන්ගේ නඩු වලින් බේරීම උදෙසා ජනපති රනිල්ව දැලේ දා ගැනීමට ඇටවූ සංධානයක් බවට පොහොට්ටු පොඩ්ඩෝ ඔවුන්ගේ මූණටම ඡොදනා කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top