නාමල්ට මඩ ගහන කොන්ත්‍රාත්තුව කප්පම් ප්‍රසන්නගෙන් කැලුම් ජයසුමනට

පොහොට්ටුවේ ඇතුලේ අමුතු තාලේ අභ්‍යන්තර අවුලක් aragala news වෙත වාර්තා වෙමින් තිබේ. ඒ කුඩු ලංසා හා කප්පම් ප්‍රසන්න මූලිකව කරගෙන යන නව සංධානය, වර්තමාන ජනපති රනිල් වික්‍රමසිංහ ජනපති කරවීමට කටයුතු කරමින් යන අතර තුරදී, කප්පම් ප්‍රසන්න විසින් ඌරාගෙ මාලු ඌරාගෙ පිටේ තියා කැපීමට ක්‍රියා කරමින් සිටී.

කුඩු ලංසාගේ සහ කප්පම් ප්‍රසන්නගේ නව සංධානයට බරපතලම දේශපාලන බාධාව ලෙස ඔවුන් හඳුන්වන්නේ, රාජපක්ෂලාගේ අනාගත බලාපොරොත්තුව ලෙස සැලකෙන නාමල් රාජපක්ෂගේ දේශපාලන ගමනයි. මේ වනවිට නාමල් ගමින් ගමට ගොස් සියළු පොහොට්ටු ක්‍රියාකාරීන් හමුවීම, එම නව සංධානයේ ගමනට තිබෙන ප්‍රධාන බාධාව ලෙස කුඩු ලංසාත් කප්පම් ප්‍රසන්නත් තම හිතවතුන් සමඟ පවසා තිබේ.

මීට විකල්පයක් ලෙස කප්පම් ප්‍රසන්න හා ඔහුගේ මාධ්‍ය ලේකම් ප්‍රදීප් කුමාර ඒ වෙනුවෙන් වූ සයිබර් මාධ්‍ය ක්‍රියාන්විතයක් ආරම්භ කර තිබේ. එහි මුල් පුටුව ලබා දී ඇත්තේ, රාජපක්ෂලාව අදහමින් සිටි, මේ වනවිට සිය ව්‍යාපාර සහ දේපල පවා අහිමිව බංකොලොත්ව සිටින කැලුම් ජයසුමන වෙතයි.

කවුද මේ කැලුම් ජයසුමන..

කැලුම් ජයසුමන යනු මෝදර ප්‍රදේශයේ සිටි ත්‍රිරෝද රථ රියෙදුරෙකි. පලමුව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙකුව සිට, ඉන් පසුව ජාතික නිදහස් පෙරමුණේත් ක්‍රියාකාරිකයෙකි. මේ දෙකෙන්ම පන්නා දැමූ පසු කැලුම් එකතු වන්නේ කුරුණෑගල ජොනී සමඟයි. ජොනී මහාමාර්ග අමාත්‍ය වූ විට කැලුම් ජයසුමනව එම අමාත්‍යාංශයේ ආයතනයක සභාපති තනතුරකට පත් කරන්නටද කටයුතු කලේය. ජොනීගේ ඇමතිකම අහිමි වූ සැණින්, කැලුම් ජයසුමන ජොනීට පස්ස හරවා නව ඇමති වූ බන්ධුල ගුණවර්ධන පසුපසින් යන්නට විය. කැලුම්ගේ තරම මැනවින් දැනගත් බන්ධුල, කැලුම් සභාපති ධූරය දැරූ ආයතනයද වසා දමා, කැලුම්වද සභාපති පුටුවෙන් නෙරපා දැමුවේය.

ඉන්පසු කැලුම් ජයසුමන ගියේ කප්පම් ප්‍රසන්න ලඟට බැව් වාර්තා වේ. කප්පම් ප්‍රසන්න විසින් තම අමාත්‍යාංශයට අයත් 80’s Club නමැති අවන් හලේ සභාපතිකම කැලුම් ජයසුමනට පිරිනමා, රුපියල් ලක්ෂ දෙක හමාරක වැටුපකුත්, ඊට අමතරව තවත් රුපියල් ලක්ෂ තුනක දීමනාවකුත් පිරි නමන ලදී. ඊට වන්දි ලෙස ප්‍රසන්න කැලුම්ට ලබා දුන්නේ රාජපක්ෂලාට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගැසීමේ කොන්ත්‍රාත්තුවයි.

කැලුම් ජයසුමනව අදහමින් සිටි, පොහොට්ටුවේ සමාජ මාධ්‍ය සඟයෝ කැලුම්ගේ මෙම රනිල් වික්‍රමසිංහ ගැති බාවයත් සමඟ ඉතා වේගයෙන් කැලුම් ජයසුමනගෙන් ඈත්වෙන බැව් අප වෙත වාර්තා වෙමින් තිබේ.

කෙසේ වුවත්, දිනෙන් දිනම රටම ආගාධයට යැවූ පොහොට්ටුව මේ වනවිට අභ්‍යන්තරව කුලල් කා ගැනීම ඔවුන්ට ඉතා අවාසිදායක තත්ත්වයක් බව මහ ජනතාව විශ්වාස කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top