කිරිඇල්ලගෙ දුව සහ පාම කිංස් නෙල්සන් පෙමින් වෙලෙයි. ගෝඨාට එරෙහි කුමණ්ත්‍රණයට සහාය වීම නිසා සුගීෂ්වර පන්නයි.

පසුගියදා නව සංධාන වේදිකාවට ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ගොඩ වීමත් සමඟ තා අපූරු කුමණ්ත්‍රණයක තොරතුරු එළි දැක් වෙමින් තිබේ. මේ තොරතුරු හෙලිවීමට පාදක වන්නේ සුගීෂ්වර බණ්ඩාර විසින් සිය පෞද්ගලික ලේකම් තනතුරෙන් ඉල්ලා අස් වන බවට ලිපියක් යොමු කිරීම හරහායි. කෙසේ වෙතත් විශ්වාසදායී ආරංචි මාර්ග අප වෙත තහවුරු කරන්නේ,එම ලිපිය ලිවීමට සති දෙකකට පෙර, ගෝඨා විසින් සුගීෂ්වර බණ්ඩාරව කණෙන් අල්ලා දොට්ට දමා ඇති බවයි. ඊට හේතුව ගෝඨාව පැන්නීම උදෙසා අභ්‍යන්තර කුමණ්ත්‍රණයකට සුගීෂ්වර ලබා දුන් සහයෝගය, රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු හරහා ජනපතිට වාර්තා වීම හේතුවෙන් බව සැලයි. පහත දැක්වෙන්නේ එම සිද්ධිය පිළිබඳව අප වෙතට වාර්තා වූ කතාවයි.

සමගි ජන බලවේගය නියෝජනය කරන, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ දෙටු දියණිය වන චනින්ද්‍රානි කිරිඇල්ල, මීට වසර තුනකට පෙර අනියම් පෙමක පැටලී ඇත්තේ සමගි ජන බලවේගයේම, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් සමඟය. ඊට ප්‍රථම හරීන් ප්‍රනාන්දු සමඟ අනියම් පෙමක් ගොඩ නැගූ ඇය, හරීන් මල්ෂා කුමාරතුංග සමඟ පෙම් හබය ආරම්බ කිරීමත් සමඟ ඔහුගෙන් වෙන්ව ඇත. දරුවන් දෙදෙනෙකුගේ මවක් වන චනින්ද්‍රානි තම සැමියාටද කොකා පෙන්වා කිංස් නෙල්සන් සමඟ වන අනියම් සම්භන්ධය ජයටම පවත්වා ගෙන යන බව වැඩි දුරටත් සඳහන් වේ. කෙසේ වෙතත් මෙම සම්භන්ධතාවය අතටම අසු කරගත් කිංස් නෙල්සන්ගේ බිරිඳ, මෙම සම්භන්ධය ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින්, කිංස් නෙල්සන්ගේ සියළුම ව්‍යාපාර සහ දේපලවල අයිතිය සිය නමට පවරා ගැනීමට කටයුතු කර ඇති බවත් සඳහන්. මීට වන්දි ලෙස, ඉදිරි මැතිවරණවලදී කිංස් නෙල්සන්ගේ සම්පූර්ණ විය හියදම් සිදු කිරීමට චනින්ද්‍රානි කිරිඇල්ල කිංස් නෙල්සන්ට මේ වන විටත් පොරොන්දු වී තිබේ.

කිංස් නෙල්සන්ගේ නැගණිය සිය දෙවන ජීවන සහකාරිය කරගෙන සිටින්නේ යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වායි. ඒ තුලින් ලක්ෂ්මන් කිරිඇල්ල සහ සමගි ජන බලවේගය සමඟ කිට්ටු හැසිරීමක් ඇති කර ගැනීමට ශවේන්ද්‍ර සමත් වී තිබේ. මේ වනවිට සිය දෙවන බිරිඳට පමණක් නොව,කිරිඇල්ලගේ මේ දියණියටද වාහන සහ පහසුකම් සහ කාර්‍ය මණ්ඩලය සැපයෙන්නේ ශවේන්ද්‍ර සිල්වාගේ අනුදැනුමින් යුධ හමුදා භටයන් අතිනි.

ගෝඨාභය රාජපක්ෂව අනුරාධපුරයේ ඥාණා මෑණියෝ ලඟට ගෙනියන්නේ ශවේන්ද්‍ර සිල්වායි. ඥාණා මෑණියොන්ගේ රතු නූල අත බැඳි පිරිස අතර, ගෝඨාභය, කිංස් නෙල්සන්, ශවේන්ද්‍ර සිල්වා, චනින්ද්‍රානි, සුගීෂ්වර පමණක් නොව, සුගීෂ්වරගේ කලින් බොස් වන උදය ගම්මන්පිලද සිටි බවද නොරහසකි.

නමුත් ඥාණා මෑණියන් විසින්, ශවේන්ද්‍ර සිල්වාට අනාවැකියක් පවසමින් කියා ඇත්තේ

“2023 වසරට පෙර ඔබතුමා මේ රටේ ජනාධිපති වෙනවා” යන්නය.

මේ අනාවැකියත් සමඟ ශවේන්ද්‍රගේ දෙවෙනි බිරිය ජනාධිපති ආර්‍යාව බවට පත් විය. චනින්ද්‍රානි සම්ඟ එක්ව සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කර, සජිත් ප්‍රේමදාසට ගෝඨාගේ රජයේ අගමැති තනතුර ලබා දීමට පවා කුමණ්ත්‍රණ කාරී ගේම් එක සෙල්ලම් කලේ කිංස් නෙල්සන් ගේ නංගීත්, අනියම් බිරිඳත් බව මේ වනවිට විස්තර සහිතව හෙළිව තිබේ. 2023 ට පත්වන නියත ජනාධිපතිගේ පෞද්ගලික ලේකම් වන්නේ සුගීෂ්වර බණ්ඩාර ලෙස පොරොන්දු වී, අභ්‍යන්තර සහාය ලබා ඇත්තේ සුගීෂ්වර බණ්ඩාරගෙන් බව මේ වනවිට සාක්ෂි සහිතව හෙළිදරව් වී ඇති බවත්, සුගීෂ්වරගේ මුල් දේශපාලන නායකයා වන එවකට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල හිතා මතා රට තුල තෙල් අර්බුධයක් මවා පාන්නේ මේ කුමණ්ත්‍රණයේ ප්‍රතිපලයක් ලෙසට බවත්, මේ වනවිට රාජ්‍ය බුද්ධි අංශය තොරතුරු සහිතව, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම තොරතුරු ගෝඨාභය රාජපක්ෂට හෙළිවීමත් සමඟම සුගීෂ්වර බණ්ඩාරව තනතුරින් පන්නා දමා ඇති බවත්, එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණින්, සුගීෂ්වර ලංසාගේ නව සංධානය හා එක්ව වර්තමානයේ කටයුතු කරන බවටත් මෙම ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top