මොකටද ආවේ? බැසිල් ප්‍රසන්නගෙන් අසයි. දහසක් සෙනඟ මැද කප්පම් ප්‍රසන්න කලින්ම චුත වේ.

මාස කිහිපයක් විදේශ ගතව සිටි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපලින් නැවත පැමිණෙන ලදී.

බැසිල් රාජපක්ෂව පිළිගැනීම සඳහා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් ගුවන් තොටුපලට ගොස් සිටි අතර, බැසිල් රාජපක්ෂ පිටතට ආවේ විශේෂ අමුත්තන් පිටතට එන පිටවීම් දොරටුවෙනි.

පසුගියදා රනිල්, ජනපති විය යුතුයැයි කියමින් නව සංධානයක් ගොඩ නගමින් කටයුතු කල නාගරික කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද මේ අවස්ථාවට සහභාගී වී සිටියේය. කෙසේ වුවත් බැසිල් රාජප්ක්ෂට ලඟා වූ කප්පම් ප්‍රසන්න, බැසිල් හා කතා කරන්නට ලං වෙනවාත් සමඟම, බැසිල් අපූරු ප්‍රශ්ණයක් කප්පම් ප්‍රසන්නට යොමු කලේය.

“මොකටද ආවේ.. දැන් රනිල් එපා වෙලාද?”

කිසිසේත් නොසිතූ මොහොතක එල්ල වූ එම දරුණු ප්‍රශ්ණයෙන් කලබල වූ  ප්‍රසන්න, වහා එහි සිටිය වුන්ගෙන් සමුගෙන, ඉතාම කලබලයෙන් සියල්ලටම කලින් එම ස්ථානයෙන් පිටව ගිය බව වාර්ථා වේ.

එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූපය පහතින්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top