මම ඉල්ලුවත් නැතත් කැම්පේන් එක කරන්න. නැත්නම් මුන් ඔක්කොම හෙට බැසිල් ලඟ ඉදී. රනිල්ගෙන් සාගලට උපදෙස්.

රනිල්ගෙන් සාගලට උපදෙස්..

එළැඹෙන ජනපතිවරණයට මේ වනවිට පැහැදිලි තීරණයක් ගෙන ඇති බවට දැනට ප්‍රධාන වශයෙන් පේන්න ඇත්තේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ‍යන අපේක්ෂකයන් බව ඔබ අප දනී. දිලිත් ජයවීර, බත්තරමුල්ලේ සීලානන්ද හිමි වැනි වටිනාකමක් රහිත අපේක්ෂකයන්ද මේ වන විට සූදානම්ව සිටී. පොහොට්ටුව නොහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තාමත් ඔවුන්ගේ මතය නිසි පරිදි එලි දක්වා නැත. කෙසේ වුවත් අද අප ගෙන එන්නේ මේ සම්බන්ධව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයෙන්, අතිශය විශ්වාසදායී ලෙස අප වෙත ලැබුණු අපූරු ප්‍රවෘත්තියකි.

පසුගියදා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහුගේ ජනාධිපතිවරණ කමිටුව නම් කලේය. ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම්, සංචාරක, ක්‍රීඩා, තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා, රාජ්‍ය අමාත්‍ය ටිරාන් අලස්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ යන අය එම කමිටුවට ඇතුලත් වීය.

මෙම කමිටුවේ පළමු කාර්‍යය ලෙස “සැබෑව” යන තේමාව යටතේ රට පුරා මහජන රැළි පැවැත්වීමට යෝජනා කල අතර, මෙම “සැබෑව” නාමය යෝජනා කලේ හරීන් ප්‍රනාන්දු බවත් වර්තා වෙනවා. පළමු රැස්වීම අකිල විරාජ්ගේ නායකත්වයෙන් යුතුව කුලියාපිටියේදී පැවැත්වීමට යෝජනා කෙරුණා.

කෙසේ වුවත් මෙම රැස්වීම් වල ප්‍රගතිය ගැන සාකච්ඡා කිරීමට පසුගියදා ජනපති රනිල්ව මුණ ගැසුණේ සාගල රත්නායක, අකිල විරාජ්, හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර කියන හතර දෙනා. මෙහිදී එක් එක් අය එල්ල කල ප්‍රශ්ණ වලට ජනපති රනිල්ගෙ පිළිතුරු සටහන් වුනේ පහත පරිදියි.

ජනතාව නැවත එක්සත් ජාතික පක්ෂය වටා එකතු වෙන බවත්, මෙම රැස්වීම් වලින් පසුව සෑහෙන ජනතාවක් තම පක්ෂයට එක් කර ගත හැකි බවත් අකිල විරාජ් පවසද්දී, රනිල් කෙටි පිළිතුරකින් දිගටම වැඩේ කරගෙන යන්න යනුවෙන් පවසා තිබේ.

කෙසේ වුවත් මෙහිදී සාගල රත්නායක ඇසූ ප්‍රශ්ණයට, ජනපති රනිල් දී ඇති පිළිතුර, කට්ටියම තක්බීර් කරවන පිළිතුරක් බව අපට වාර්තා වේ. සාගල අසා ඇත්තේ, “සර්, පොහොට්ටුවේ සහාය අපට ලැබෙන එක විශ්වාසද?” යනුවෙනුයි. එයට ඉංග්‍රීසි බසින් ජනපති රනිල් පවසා ඇත්තේ,

“අයිසේ, පොහොට්ටුවේ සහයෝගය තියා මමවත් ජනාධිපතිවරණෙට ඉල්ලනවාද කියලා තීරණය කරලා නෑ. තමුසෙලා ගිහින් කැම්පේන් එක කරනවා. මම ජනපතිවරණෙට ඉල්ලන්නෙ නෑ කිව්වොත්, මෙතන ඉන්න උන් ඔක්කොම හෙට බැසිල් ලඟ හිට ගනියි. ඒ හින්දා අන්තිම මොහොත වෙනකන් කැම්පේන් එක කරනවා.”

මුහුණට මුහුණ බලාගත් කමිටු සාමාජිකයෝ සාකච්ඡාව අවසන් කර පිට වූ බවත්, ජනපති රනිල්ගේ මෙම ප්‍රකාශය රහසක් සේ තබා ගැනීමටත් කතිකා කර ගත් බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top