ජවිපේ විසින් ඝාතනය කල ප්‍රේමකීර්ති ද අල්විස්ගේ මිනී මැරුම හඩ්සන් පිට පැටවුනේ කොහොමද?

ජවිපේ විසින් ඝාතනය කල ප්‍රේමකීර්ති ද අල්විස්ගේ මිනී මැරුම හඩ්සන් පිට පැටවුනේ කොහොමද?

ගවේශණාත්මක හෙළිදරව්ව පළමු වරට, aragala news වෙතින්..

ප්‍රේමකීර්ති ද අල්විස්, 1980 දශකයේ විවිධ මාධ්‍යයන් ඔස්සේ ශ්‍රී ලංකාවේ සුවහසක් රසික හිත් පතුලේ නින්නාද පතුරවපු චරිතයක් විදිහට, අදටත් මතකයේ රැඳෙන චරිතයක්. 1947 ජූනි 03 උපත ලද සමරවීර මුදලිගේ ප්‍රේමකීර්ති ද අල්විස්, ජනතා විමුක්ති පෙරමුණේ සාහසිකයන්ගේ වෙඩි පහරට ලක්ව 1989 ජූලි 31 වෙනිදා සඳහටම අප අතරින් වෙන් වෙලා යනවා. අති දක්ෂ නිවේදකයෙක් ලෙස ශ්‍රව්‍ය දෘශ්‍ය විද්‍යුත් මාධ්‍යයන්ගෙන් මෙන්ම පුවත්පත් මාධ්‍යවේදියෙක්, රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක් ලෙස පමණක් නොව තවත් කලා ලෝකයේ විවිධ තලයන් දිග් විජය කල ප්‍රේමකීර්තිගේ මතක සැමරුම්, වත්මන් පරපුරේ තොල් මත කියැවෙන නිර්මාණ වලින් සමන්විතයි.

ආදරයේ උල්පත වූ අම්මා, දිලීප පොඩි පුතු, හෙමින් සැරේ පා තබනා දුවේ හර්ශණී, හෙට දවසේ අප දෙදෙනා, සුරංගීට දුක හිතුනා වැනි ගීත වගේම, බෑයි කියලා බෑයි කියලා බෑ වැනි ලමා සිත් පැහැරගත් කාටූන් ගීත, අදටත් මුවග රැඳෙන ලංකා බැංකුවයි මේ ඔබේ වැනි වෙළඳ දැන්වීම් ගීතද නිර්මාණය කල සුදක්ශයෙක්.

කෙසේ වුවත් ඔහුගේ ඝාතණය අදටද දේශපාලනිකව වරින් වර ඉස්මතු වෙන කාරණාවක්. ඔහුව ඝාතනය කල ජනතා විමුක්ති පෙරමුණ, තම දේශපාලන නිරුවත වසා දැමීමට අදටත් එම ඝාතනයේ වගකීම හඩ්සන් සමරසිංහ නම් පුද්ගලයා වෙත යොමු කරන්නට උත්සාහ කලත්, සැබෑ ඝාතකයා වූ එවකට ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජික, සමන් ප්‍රියංකර ගමගේ, බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා හිරේ වැටෙන්නේ අධිකරණය විසින් සියළු සාක්ෂි සොයා බලා 1992 දෙසැම්බර් 17, කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් අධිකරණ තීන්දුවක් මගිනි. එසේනම් මෙම මරණයේ වගකීම හඩ්සන් සමරසිංහ පිට වැටෙන්නේ කෙසේද? Aragala News වෙතින් පළමු වරට හෙළි කරන්නේ, එම ආන්දෝලනාත්මක කතාවයි.

2001 රනිල් වික්‍රමසිංහගේ මහ මැතිවරණ ජයග්‍රහණය සමඟ එවකට ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක පාර්ශ්වය ඉතා දරුණු දේශපාලන අර්බුධයකට ලක්විය. නැවත බලය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගයද ලබා ගත් චන්ද්‍රිකා පාර්ශ්වයට ගැටළුවක් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ මිනීමරු අතීතය ජනතාව ඒ වනවිටත් අමතක නොකරන තත්ත්වයක සිටීමයි. මෙම තත්ත්වය සමනය කරීමේ ව්‍යාපෘතිය භාර වුනේ, ශ්‍රී ලංකා දේශපාලනයේ බොරු ඇත්ත කිරීමේ කලාවේ පිකාසෝ වූ මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා මතයි. චන්ද්‍රිකා කුමාරතුංගගේ සුවච කීකරු ගෝලයෙක්ව සිටි ඔහුට, 2005 මැතිවරණයේ ජනපති අපේක්ෂකත්වය දීමට පවා චන්ද්‍රිකා දන්න දහං ගැට සියල්ල එලුවේ, ඒ කලා වූ සුවච කීකරු සේවාවට කරන කලගුණ සැලකිමක් ලෙසය.

මෙම ක්‍රියාවලියේදී මංගලගේ පළමු බිල්ල බවට පත්වුනේ ප්‍රේමකීර්ති ද අල්විස් මිය යන විට ඔහුගේ බිරිඳ වූ නිර්මලා ද අල්විස් සමඟය. ඇය සමඟ එකතු වූ මංගල, ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනයේ වගකීම හඩ්සන් සමරසිංහ පිට පටවන්නට කටයුතු කරන ලදී. මේ සඳහා හඩ්සන්වම තෝරාගත්තේ ඇයි?

  1. හඩ්සන් සහ ප්‍රේමකීර්ති අතර ගුවන් විදුලියේ මුල් පුටුවට සීතල යුද්ධයක් අතීතයේ සිදුව තිබීම.
  2. හඩ්සන් ඉතා දැඩි එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයෙකු වීම.

මේ කරුණු දෙක පදනම්ව ගෙතූ මෙම බොරුව කෙතරම් සාර්ථකව සමාජ ගත වූවාද යන්න සනාථ වන්නේ, මහරගම පමුණුව පාරේ තුන් මහල් නිවසක හිමිකාරීත්වය නිර්මලා ද අල්විස්ට හිමිවීම නිසාය. එතැනිනුත් නොනැවතුනු මංගල, නිර්මලා ලවා “ප්‍රේමකීර්තිනී” නමින් පොතක් ලියවා, ප්‍රේමකීර්ති ද අල්විස්ගේ චරිතය අමු අමුවේ ඝාතනය කිරීමටත්, නිර්මලා සුවච කීකරු බිරිඳක් බවට පත් කරන්නටත් කටයුතු කලේය.

මහින්ද රාජපක්ෂගෙන් මිදී, එක්සත් ජාතික පක්ෂයට ගිය මංගල, මහින්ද රාජපක්ෂ ජනපතිවරයා පැමිණෙන සංස්කෘතික උත්සව වලට නිර්මලා ද අල්විස් යවමින්, ප්‍රේමකීර්ති ඝාතණයට වග කිව යුත්තන්ට දඬුවම් කරන ලෙස කියමින් කෑ ගසා යුක්තිය ඉල්ලලා කලබල කරන්නට ඇයව පෙළඹවූයේ, ඒ වනවිට හඩ්සන් සමරසිංහ මහින්ද රාජපක්ෂ සෙවනේ සිටි බව නිසා බවද රහසක් නොවේ.

මෙම පොතේ සඳහන් කරුණු සම්බන්ධව හඩ්සන් සමරසිංහ විසින් නිර්මලා ද සිල්වාට එරෙහිව පැනවූ නඩුවේදී පවා, නිර්මලාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වන නීතිඥයන්ට නීති ගාස්තු සියල්ල ගෙවා දැමුවේ ජනතා විමුක්ති පෙරමුණ බවත්, ජවිපේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය අදටත් ඉදිරියට යන බවත්, තතු දන්න අයට රහසක් නොවන බව කිව යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top