ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිනිය, ජාතික ජන බලවේගයේ අනියම් සැමියා අතින් මිය යයි.

ජාතික ජන බලවේගයේ තෙල්දෙණිය කාන්තා බල මණ්ඩලයේ ප්‍රබල ක්‍රියාකාරිණියක් වන අමිලා විමානි කොඩිතුවක්කු (48) ඝාතනය වී ඇත.


මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුව ගෙන ඇත්තේ ඇගේ අනියම් සැමියා බව කියන ඔස්ට්‍රෙලියානු හමුදාවේ සේවයේ නිරතව සිට විශ්‍රාම ගොස් ඇතැයි කියනු ලබන ද්විත්ව පුරවැසියෙක් වන සමන් කොඩිතුවක්කු (50) නැමැති අයෙකි. මේ වන විට ඔහු සිටින්නේ මෙම ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතවය. මෙම පුද්ගලයාද ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරමින් සිටි අයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.


අමිලා විමානි කොඩිතුවක්කු මහත්මිය විවහාක තැනැත්තියක් වන අතර ඇය කුණ්ඩසාලේ විදුරංගගේ වත්තේ පදිංචිකරියකි. සැකකාර සමන් කොඩිතුවක්කු නැමැති අය පදිංචිව සිටින්නේ කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ මාවතේ බව පොලීසිය කියයි.


අමිලා විමානි කොඩිතුවක්කු මහත්මිය සමූපාකාර පරීක්ෂකවරියකි. පසුගිය 24 වැනිදා ඇය රාත්‍රී කාලයේ කුණ්ඩසාලේ නාර්න්ද්‍රසිංහ මාවතේ සිය අනියම් සැමියාගේ නිවසේ රැදී සිට ඇති බවත් එහිදී ඇය නාන කාමරයේ වැටී තුවාල වූ බව කියමින් අනියම් සැමියා වන සමන් කොඩිතුවක්කු විසින් ඇයව 1990 සුවසැරිය ගිලන් රථයක් මඟින් 25 වැනිදා මහනුවර ඇතුලත් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පල්ලෙකැලේ පොලීසිය සඳහන් කරයි.

රෝහල්ගත කිරීමෙන් පසු ඇගේ තත්ත්වය බරපතළ වූ බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති අතර තුවාල සම්බන්ධයෙන් ඇතිවුණු සැකයක් මත රෝහලින් ඒ බව පොලීසිය දැනුවත් කර ඇත. ඒ අනුව පල්ලෙකැලේ පොලීසියේ නිලධාරීන් මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍යරයා මුණ ගැසී කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ එම තුවාල නාන කාමරයේ වැටී සිදුවී නැති බවත් සිරුරේ තැනින් තැනද තුවාල ඇති බැවින් පහරදීමකින් එම තුවාල සිදුව ඇති බව නිරීක්ෂණය වන බවත්ය.


ඒ අනුව පල්ලෙකැලේ පොලීසියේ නිලධාරීන් මහනුවර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් කැදවා නරේන්ද්‍රසිංහ මාවතේ පිහිටි ඇය අනතුරට ලක්වූ නිවස පරීක්ෂා කර ඇත. ඊට අධිකරණ වෛද්‍යවරයාද පැමිණ ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. එම විමර්ශනයේදී පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ ඇය නාන කාමරයේ වැටී නැති බවටත් එම නිවෙසේ අපරාධමය ස්ථානය ස්වරූපයක් නිරික්ෂණය වී ඇති බවත්ය. එහිදී නිවෙස් හිමි සමන් කොඩිතුවක්කුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ හැසිරීම හා ලබාදෙන පිළිතුරු සම්බන්ධයෙන් යම් සැකයක් පොලිස් නිලධාරීන්ට පැන නැගී ඇත. එසේම මෙම පුද්ගලයා පොලිසිය මග හැර සිටීමටද මෙම සිදුවීමෙන් පසු ලොකු උත්සහයකද නිරතව තිබේ.


මේ සියල්ලම සැළකිල්ලට ගෙන පල්ලෙකැලේ පොලීසිය අමිලා විමානි කොඩිතුවක්කුට සිදුව ඇති තුවාල සම්බන්ධයෙන් සැකපිට 26 වැනිදා ඇගේ අනියම් සැමියා බව කියන සමන් කොඩිතුවක්කු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහුගෙන් පොලීසිය කළ දීර්ඝ ප්‍රශ්න කිරීමකදී පවසා ඇත්තේ දෙදෙනා අතර එදා බහින්බස් වීමක් සිදුවූ බවත් ඇය තුවාල වූයේ පඩිපෙලින් වැටී බවත්ය.


ඔහු එසේ පැවසුවත් ඇයට අමානුෂික ලෙස පහරදී ඇති බව බැලූ බැල්මටම වෛද්‍ය පරීක්ෂණවලින් පවා පෙනී ගොස් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සැකපිට සමන් කොඩිතුවක්කු නැමැති අය තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට 27දා ඉදිරිපත් කළ බව පොලීසිය කියයි. එහදී ඉදිරිපත් වූ කරුණු සලකා බලා අධිකරණය ඔහුව දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කල බවත් දැඩි සත්කාර එකකයේ සතියකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි අමිලා විමානි කොඩිතුවක්කු මහත්මිය 30 දා මියගිය බවත් පොලීසිය කියයි. මේ කාලය පුරාවටම ඇයගෙන් පොලීසියට ප්‍රකාශයක් ලබාගැනීමට ඉඩක් නොවූ බවත් ඇය රෝහල්ගත කළ දින සිට මිය යන තුරුම සිටියේ අසාධ්‍ය තත්ත්වයෙන් කිසිවක් ප්‍රකාශ කර ගැනීමටවත් නොහැකි තත්ත්වයකින් බවත් පොලීසිය කියයි.

මෙම මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී පවා තහවුරු වී ඇත්තේ මොට ආයුධයකින් කළ පහරදීමකින් ඇය මියගොස් ඇති බව යැයි පොලීසිය සඳහන් කළේය. ඇගේ අනියම් සැමියා අධිකරණයට මුල් අවස්ථාවේදී ඉදිරිපත් කරනු ලැබුවේ ඇයට පහරදීම සම්බන්ධයෙන් බවත් දැන් මෙම පහරදීම ඝාතනයක් බව අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බවත් පොලීසිය කියයි.


මෙසේ සිය අනියම් බිරිඳ ඝාතනය කර ඇති මෙම පුද්ගලයා ඕස්ට්‍ර්ලියානු ජාතික කාන්තාවක් විවහා කරගෙන සිටින අයෙක් බවත් ඔහු මෙරටට පැමිණ ඇත්තේ මාස තුනකට පෙර බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඇය ජාතික ජන බලවේගයේ දේශපාලන ක්‍රියාකාරිනියක් ලෙස සිටි බැවින් ඔහුද ඇය අනුගමනය කරමින් එම පක්ෂයේ දේශපාලන වැඩකටයුතු වලට සම්බන්ධ වී ඇති බව සඳහන්ය. ඇය සැමියාද එම පක්ෂයේම ක්‍රියාකාරී දේශපාලනයේ නිරිත අයෙක් බවට සදහන් වන අතර මේ සිද්ධිය වන අවස්ථාවේ දෙදෙනා අතර විරසකයක් තිබුණු බවටද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top