අනුරට සුදුසුකම් නෑ. ජනතාවගේ ප්‍රසාදය නෑ. මාලිමාවේ ජනපති අපේක්ෂකත්වය හරිනිට දෙන්න. මාලිමාවේ ජාජබ පාර්ශවය එක හඬින් ගේම ඉල්ලයි.

පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයන් අතර වූ සාකච්ඡාවකදී, ජාතික ජන බලවේගය නියෝජනය කරන, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් නොවන පාර්ශ්වය විසින් ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන් වෙත ඉතා දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

ජනතාව මාලිමාව වටේ එක්ව සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපරාධකාරී අතීතය නිසා නොවෙන බවත්, අනෙකුත් පාර් ශ්ව වල තිබෙන උගත් බුද්ධිමත් නියෝජිතයන් නිසා බව ජාතික ජන බලවේගයේ ජනතා විමුක්ති පෙරමුණේ නොවන පාර්ශවය අදහස් දක්වා තිබේ. අනුර කුමාරට තිබෙන්නේ නිකම්ම නිකන් උපාධියක් පමණක් බවත්, ඔහු වටේ සිටින පිරිස අතීතයේ ත්‍රස්තවාදීන් බවත්, ජනතාවට තවමත් මෙම අතීතය අමතක නැති බවත් නීතීවේදී උපාලි කුමාරප්පෙරුම විසින් පෙන්වා දී ඇත.

කැනඩාවට ගිය අනුර කුමාර දිසානායක, සිය අදහස් දැක්වීම් වලදී, ඉතා බාල මට්ටමේ අදහස් දැක්වීම නිසා ජාතික ජන බලවේගයේ කීර්ති නාමයට බලවත් හානි සිදුවන බවත්, ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයේ සහෝදරයන් යැයි කියා ගන්නා අය කරන සමහර මාධ්ය සාකච්ඡා නිසා, ජාතික ජන බලවේගයට තිබෙන ජනතා ප්‍රසාදය දිගින් දිගටම අඩුවෙමින් යමින් තිබෙන බවද ඔවුන් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

එම නිසා, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකත්වයට ආචාර් ය හරිනි අමරසේකර පත් කල යුතු බවත්, අනුර කුආර දිසානායකට අවශ්‍යනම් ඉදිරි මහ මැතිවරණයකදී අගමැති අපේක්ෂකත්වය ලබාගත හැකියැයිද, ඒ සඳහා තම පාර්ශවයේ කිසිදු විරෝධයක් නොමැති බවද, වඉද්‍ය නිහාල් අබේසිංහ පවසා තිබේ.

මෙම ප්‍රකාශයෙන් කෝපයට පත්, ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභික ලාල් කාන්ත, නිහාල් රණසිංහ වෙත චෝදනා කරමින් කියා ඇත්තේ, ඔහු ඉන්දියානු රෝ ඔත්තු සේවයේ ඒජන්තයෙකු බවත්, රෝ ඔත්තු සේවයට අවශ්‍ය ලෙස තම පක්ෂය හසුරවන්නට ජවිපේ පාර්ශ්වය කිසිදා ඉඩ ලබා නොදෙන බවත් ය.

ජාතික ජන බලවේගයේ මහ ලේකම් ධූරයට තමන් පත් වෙන විට තමන් ඒ බව දැන් නොසිටියාද යනුවෙන් නිහාල් අබේසිංහ පෙරලා ලාල් කාන්තගෙන් විමසූ විට, “මම දැනගෙන හිටියා. හැබැයි අපේ එකාලාට මම ඒ කාලේ කිව්වට ඇහුවෙ නෑ. දැන් තේරෙයි” යනුවෙන් සඳහන් කර ඇත.

කෙසේ වුවත් ජාතික ජන බලවේගය බලය ලබා ගැනීම පිළිබඳව බලාපොරොත්තු තබන රටේ ජනතාව තුල, ජනතා විමුක්ති පෙරමුණ ගැන කිසිදු ප්‍රසාදයක් නොමැති බවද, යම් තරමක් හෝ එම ප්‍රසාදය දිනාගෙන ඇත්තේ වෛද්‍ය නලින්ද ජයතිස්ස පමණක් බවද, අනිත් ජවිපෙ ක්‍රියාකාරිකයෝ නිකම්ම නිකම් කයිවාරුකාරයෝ පමණක් බවද, ජවිපේ නියෝජිතයන්ගේ මූණටම කියා ඇත.

අවසන් මොහොතේ හෝ ජනාධිපති අපේක්ෂකත්වයට හරිනි අමරසූරිය පත් කල යුතු බවත්, එසේ නොවේ නම් ජනතා විමුක්ති පාර්ශ්වයට විරුද්ධව ජනතාව පෙළ ගස්වන්නට කටයුතු කරන බවත් ජාතික විමුක්ති පෙරමුණ නියෝජනය නොකරන ජාතික ජන බලවේගයේ පාර්ශ්වය ඉතා දැඩිව පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම හමුවීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී ලාල් කාන්ත විසින්, සිය පක්ෂයේ සහෝදරයන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇත්තේ, ඒ කාලයේ තමන් කියූ දේ ඇහුවා නම්, අද මෙවැනි කතා අහන්නට නොලැබෙන බව කියමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top