නලීන්, ලාල්, අනුර කතා වලින්, මාලිමාව සීනුවට දෙහි කපයි. ත්‍රස්තයන්ට ඉඩ දෙන්න බෑ මාලිමාව කියයි.

පසුගිය මාසයේ අප මාලිමාවේ හෙවත් ජාතික ජන බලවේගයේ දරුණුතම බෙදීමක් හෙලි කලා. මේ වන විට එම බෙදීම ඉතා දරුණු තත්ත්වයකට පැමිණ තිබෙන බව ජාජබ අභ්‍යන්තර වාර්තා අපට දන්වා සිටිනවා.

අද උදෑසන පැලවත්ත ජවිපේ මූලස්ථානයේදී පැවති රැස්වීමේදී මේ සාකච්ඡාව සිදුව ඇති බවයි වැඩි දුරටත් සඳහන් වෙන්නේ.

කැළණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය විජිත් රොහාන් සහ නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ජ්‍යෙෂ්ඨ නීතීඥ හර්ෂණ නානායක්කාර විසින් මේ තර්කය ගොඩ නගමින්, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ශ්වයට දැඬිව චෝදනා එල්ල කර තිබේ.

තමන් වෘත්තීය භාවයක් සහිත පුද්ගලයින් බවත්, පක්ෂයක් නිසා තමන්ට ත්‍රස්ත ලේබලයක් අලවා ගැනීමට නොහැකි බවත්, සඳහන් කර ඇති ඔවුන්, කුඩු, ගංජා ගහන උන්ට මැයි දින රැළිවල කතා ලබා දෙමින් තම පාර්ශ්වය අපකීර්තියට පත් කිරීම හෙලා දකින බව නීතීඥ හර්ෂණ නානායක්කාර පවසා තිබේ.

හිරු බලය වැඩ සටහනේ නලීන් හේවගේත්, මැයි දින රැළියේ ලාල් කාන්තගේත්, දෙරණ 360 හි අනුර කුමාර දිසානයකගේත් පරස්පර විරෝධී කතා නිසා මාලිමාව නියෝජනය කරන වෘත්තීය වේදීන් අපහසුතාවයට පත්වන බවත්, එම කතාවන් ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇති වූ එකඟතාවයට සම්පූර්ණයෙන්ම පටහැනි බවත්, කථිකාචාර්ය විජිත් රොහාන් පවසා තිබේ.

ඊට පිළිතුර ලෙස ලාල් කාන්ත විජිත් රොහාන්ට සහෝදරයා ලෙස ඇමතීමත් සමඟම විජිත් රොහාන් පවසා ඇත්තේ, තමන් ජේවීපී කාරයෙක් නොවන බවත්, එනිසා සහෝදරයා ලෙස ආමන්ත්‍රණය නොකරන ලෙසත් ය.

ඉදිරි ජනපති අපේක්ෂකත්වයට අනුර කුමාර දිසානායක ඉදිරිපත් වුවහොත් ජේවීපී කාරයන්ගේ මිනී මැරුම් හා ත්‍රස්ත ක්‍රියාකාරකම් නැවතත්, කරලියට එන බවත්, මේ වනවිටත් රට තුල දැවැන්ත ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබෙන, මාලිමාවේ කාන්තා නායකත්වය වන හරිනි අමරසූරිය ස්ථිර වශයෙන්ම ජනපති අපේක්ෂකත්වයට යොමු කල යුතු බවත්, නීතීඥ උපුල් කුමාරප්පෙරුම පෙන්වා දී තිබේ.

කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වය මේ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති අතර, වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින්, එම කතා ජවිපේ පරණ සාමාජිකයන් පක්ෂය තුල තබා ගැනීමට සිදු කල කතා බවට පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

මීට පිළිතුරු ලෙස, එවන් 3%ක් තමනට අවශ්‍ය නැති බවත්, ත්‍රස්තයන්, අපරාධකරුවන් ලෙස ඉතිහාසයක් නැති පිරිසිදු මිනිසුන් තමන්ට එක් කර ගත හැකි බවත්, වත්මනෙහි ජනතාව ජාතික ජන බලවේගය වටා එක්ව සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ, ත්‍රාඩ ඉතිහාසයට ලැදිව නොවන බවත්, මාලිමාවේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙලට බවත්, ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂණ නානායක්කාර පෙන්වා දී තිබේ.


මෙයින් දැඩි කෝපයට පත් ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභික ලාල් කාන්ත පිළිතුරු දීමට සැරසුනත්, බිමල් රත්නායක විසින් ඔහුව නිහඬ කරවා අසුන් ගැනීමට සලස්වා ඇති බව, ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top