UNHCR Sri Lanka වාර්තාව ලීක් වේ. 2024 සජිත්ට ජය. මාලිමාවට 339%ක ඡන්ද වර්ධනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් සිදුකල අපූර්වතම සමීක්ෂණයක වාර්තාව, ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයට යොමු කිරීමටත් පෙර, පිටතට ලැබී තිබේ. ඒ මේ රටේ ඉහලම බුද්ධි නිලධාරියෙක් වෙත බව වාර්තා වේ. එම වාර්තාව අප වෙත ලැබෙන්නට ගියේ තවත් විනාඩි 30කටත් අඩු කාලයක්.

මෙම වාර්තාව, විශ්ව විද්‍යාලයීය සිසුන් 330 දෙනෙක් විසින් දින 20ක් පුරා කල සමීක්ෂණයක් බව එහි සඳහන්. ඒ වගේම සෑම දිස්ත්‍රික්කයක්ම, සෑම මැතිවරණ ආසනයක්ම නියෝජනය කරමින් ජනතා අදහස් ලබා ගත් බවත්, සෑම ජන වර්ගයක් වගේම, සෑම වෘත්තීය බාවයන් උසුලන පුද්ගලයන්ද මෙම අදහස් විමසීමට ලක් කරන ලද බව ඔවුන් මෙම වාර්තාවේ පවසා සිටිනවා. පිටු විසි අටකින් සමන්විත මෙම වාර්තාව තුල පහතින් සඳහන් කරුණු සනාත වෙනවා.

මෙම වාර්තාවට අනුව එළැඹෙන ජනපතිවරණයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බවයි ඔවුන් සඳහන් කරන්නේ. ඒ 36.31% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්. 2019 ජනපතිවරණයේදී ඔහු ලබාගත් ප්‍රතිශතය 41.19%ක්. ඒ අනුව ඔවුන් 4.88%ක පසු බෑමක් පෙන්නුම් කරනවා. ඔවුන් සමඟ කරට කර සිටිමින් ඊලඟට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බවට ඔවුන් අදහස් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ 34.53ක් ලබා ගනිමින්. 2019 ජනපතිවරණයේදී, පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 52.25%ක්. අද වනවිට ඔවුන් 17.72%ක දැවැන්ත පසු බෑමක් පෙන්නුම් කරනවා. 16.35%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තෙවැනි තැන රැඳී සිටින්නේ, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයයි. 10.59%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන සිව්වැනි තැන සිටින්නේ ජාතික ජන බලවේගයයි. පසුගිය ජනපතිවරණයේදී ඔවුන් ලබා ගත්තේ 3.16%ක ප්‍රතිපලයක්. එම ප්‍රතිපලය 2019ට සාපේක්ෂව 339%ක වර්ධනයක්.

මෙම වාර්තාවට අනුව කොළඹ, ගම්පහ, මහනුවර, මාතලේ, පොලොන්නරුව, බදුල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි ජයග්‍රහණය හිමිවන්නේ සමගි ජන බලවේගයට. ඒ වගේම නුවර එළිය, යාපනය, වන්නි, ත්‍රීකුණාමලය, දිගාමඩුල්ල, මඩකලපුව දිස්ත්‍රික්කවල ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමට නියමිතයි. කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, මොණරාගල දිස්ත්‍රික්කවල ජයග්‍රහණය හිමි කරගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව UNHCR Sri Lanka සඳහන් කරනවා.

පහතින් දැක්වෙන්නේ, එම සවිස්තරාත්මක වාර්තාවයි.

මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම බා ගත කර ගැනීමට මෙතැන ක්ලික් කරන්න.https://drive.google.com/file/d/1pdTr4xW_AMozmJAiCX2t6wVs885cA-77/view?usp=sharing

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top