UNHCR සමීක්ෂණය අසත්‍යයක්. සමාවන්න. එය සමගි ජන බලවේගයේ සංවිධානාත්මක වැඩක්.

පසුගිය 13 දින අපි ඔබ වෙත පළකල “UNHCR Sri Lanka සමීක්ෂණය ලීක් වේ. 2024 සජිත්ට ජය. මාලිමාවට 339%ක ඡන්ද වර්ධනයක්” මැයෙන් පල කල වාර්තාව සම්පූර්ණ අසත්‍යයක් බව අප පිළිගන්නා අතර, ඒ වෙනුවෙන් අපහසුතාවයට පත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ සමගි ජන බලවේගය පක්ෂය හැර, අනෙකුත් දේශපාලන පක්ෂ වලින්, Aragala News ආදරණීය පාඨකයන්ගෙන් වගේම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් අප සමාව අයැද සිටිමු.

ශ්‍රී ලාංකික දේශපාලන වේදිකාව තුල සිදුවන, කුමණ්ත්‍රණකාරී සහ හෙළිදරව් නොකරන කාරණා පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති අප ඔබට ගෙන ආවෙමු. ඒ කිසිදු ප්‍රවෘත්තියකට එරෙහිව කිසිදු ඡෝදනාවක් අප වෙත එල්ල වී නැත.

මෙම ප්‍රවෘත්තිය අප වෙත එවූයේ සමගි ජන බලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මැතිතුමන්ගේ පෞද්ගලික සහකාර ලෙස පෙනී සිටි හේමන්ත නම් පුද්ගලයෙකු විසින් Telegram මාධ්‍යය ඔස්සේය. ඔහුගේ දුරකථන අංකය +94774754315 ලෙස සටහන් වී තිබිණ. පසුව අප කල සොයා බැලීම් වලදී, හේමන්ත නමැති පුද්ගලයා නලීන් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ලේකම් වරයෙක් බවත්, මෙම අංකය ඔහුගේ සත්‍ය දුරකථන අංකය බවත් නිවැරදිව සනාථ විය. එම පණිවිඩ අපට එවා තිබුනේ 2024. 05. 13 පෙරවරු 11.33ත් 11.35ත් අතරදීය. එ නම් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 04. 03 ත් 04.05ත් අතරය. එම තිර සටහන පහතින් දක්වා ඇත.

බැලූ බැල්මට එම සටහන සත්‍යයක් සේ පෙණුන බැවින්, එවූ පුද්ගලයා වගකීම් සහිත තනතුරක සිටින පුද්ගලයෙක් බැවින් සහ ඔහු එවූ අනෙක් සටහන් පිළිබඳව මෙවැනි ආන්දෝලනයක් ඇති නොවුන බැවින් අප මෙම වාර්තාව පල කෙරුවෙමු.

කෙසේ වුවත්, දිනක් ඇතුලත එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙය අසත්‍යයක් බව දන්වමින් ෆේස්බුක් සටහනක් දමා තිබිණ. පහත තිබෙන්නේ එම තිර සටහනයි.

ඊට අදාල තවත් තිර සටහන් පහත දක්වා තිබේ.

කෙසේ වුවත්, අවසාන වශයෙනුත්, මෙවන් අසත්‍ය සටහනක් පළකිරීම වෙනුවෙන්, අප ඔබෙන් සමාව අයැද සිටිමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top