රනිල් ජනපති කිරීමට ඇමෙරිකාව, ඉන්දියාවට බල කරයි. කේබල් පණිවිඩය මෙන්න.

ඉදිරි ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා නැවත ශ්‍රී ලංකාවේ ජනපති කිරීම සඳහා ගතයුතු සියළු ක්‍රියාමාර්ග ගත යුතු බව, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉන්දියාවට දන්වා තිබේ. ඇමෙරිකාවේ මධ්‍යම සහ දකුණු ආසියානු කටයුතු පිළිබඳ කාර්‍යාංශය විසින්, ඉන්දියාවේ නව විදේශ අමාත්‍ය එස්. ජයිශන්කර් මහතා වෙත මෙම රහසිගත කේබල් පණිවිඩය එවා තිබේ.

මෙම පණිවිඩයෙන් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනයේ සැබෑ තත්ත්වය ඉන්දියාවට පැහැදිලි කර ඇති අතර, ඊට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 33.21ක්, සමගි ජන බලවේගයට 26.43%ක්, එක්සත් ජාතික පක්ෂයට 17.31%ක් සහ ජාතික ජන බලවේගයට 12.97%ක ඡන්ද ප්‍රතිශතයක් තිබෙන බව එහි සඳහන්.

මෙහි අංක පහ දරන කරුණෙන් කියා ඇත්තේ, මෙවර අනිවාර්යයෙන්ම රාජපක්ෂ වරුන් පැරදවිය යුතු බවත්, රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් කර, සමගි ජන බලවේගය හා සන්ධානගත කිරීමට ඉන්දියාව සම්පූර්ණ උත්සාහය දැරිය යුතු බවත් ය. ඒ තුලින් රාජපක්ෂ වරුන්ගේ නැවත බලයට පැමිණීම වලක්වා ලිය හැකි බවද, වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ නැවත ජනපති වීම ඉන්දියානු රජයට යහපතක් බව, ඇමෙරිකාව අවධාරණය කර තිබේ.

එම කේබල් පණිවිඩය පහතින්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top