මහින්දානන්දට සාගලගෙන් කුණු බැනුම්.. රනිල් ලඟට ගොස් සොරි කියයි..

Aragala News කියූ දෙයක් කිසිදා වැරදී නැත. ඊයේ දිනයේදී සියලු පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 62ක් පමණක් සහභාගී වී ඇති අතර, එයිනුත් 49ක් පමණක් පොහොට්ටුවෙන් සහභාගී වී ඇත.

මෙහිදී ප්‍රසන්න රණතුංග, තම,කප්පම් නඩුවේ තීන්දුව වෙනුවෙන්, තිරුපති දේවාලය වෙත ගොස් තිබීම නිසා මෙම රැස්වීමට සහභාගී වී නැති අතර, සංවිධනය කල මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමන්ට, ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ බැණ වැදී ඇතැයි වාර්තා වේ. ඊට හේතුව වී ඇත්තේ පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 110ක් මෙම රැස්වීමට සහභාගී කරන ලෙසට මහින්දානන්ද අළුත්ගමගේ විසින් ලාබා දෙන ලද පොරොන්දුවයි. නමුත් ඊයේ දිනයේදී ඒ වෙනුවෙන් සහභාගී වී ඇත්තේ පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 49ක් පමණක් සහභාගී වී තිබීම ගැන, සාගල රත්නායක විසින් මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයාට දැඩිව දොස් පවරා ඇත.

මේ අවස්ථාවෙදී මහින්දානන්ද අමාත්‍යවරයා ජනපති වරයා අසලට ගොස්, “සමාවෙන්න සර්” ලෙස පවසද්දී, රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා ඔහුට, “වහාම මෙතනින් පිටවෙන්න” ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් දැනුම් දී ඇත.

කෙසේ වෙතත් මෙම රැස්වීම අවසානයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධනුශ්ක රාමනායක විසින්, මන්ත්‍රීවරු 92ක් මෙම රැස්වීමට සහභාගී වූවායැයි සලකා මාධ්‍ය නිවෙදනයක් නිකුත් කර තිබේ, එය බොහෝ විද්‍යුත් නාලිකාවල සහ වෙබ් අඩවි වල සාර්ථකව විකාශය වූවත්, එසැනින් එය පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 49ක් පමණක් සහභාගී වූ රැස්වීමක් බව සමාජ මාධ්‍ය ඔස්සේ රූප රාමු සමඟම, හෙළිදරවු වීමත් සමඟ ජනපතිවරයා දැඩිව කෝපවී තිබේ.

ධනුශ්ක රාමනායක් ගෙන් වූ ජනපති, “අයිසේ, තමුසෙට පිස්සුද?” ලෙස අසා කෝපය්‍ර්න් බැණ වැදී ඇති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග මේ වන විට අප වෙත වාර්තා කර සිටී.

මෙම රැස්වීමෙන් අනතුරුව තම ජයග්‍රහණය පිළිබඳව, අවසන් බලාපොරොත්තුව බිඳ වැටී ඇති බව තම සමීපතමයින්ට පැවසූ ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරි දින කිහිපය ඇතුලත තමන් ජනපතිවරණයෙන් ඉල්ලා අස්වීමේ වැඩි ඉඩ කඩක් ඇති බවත්, හැකිනම් ඉදිරි දින තුන ඇතුලත, සාක්ෂි සාධක සහිතව තමන්ගේ ජයග්‍රහණය සාක්ෂාත් කර පෙන්වන ලෙසත් ඔවුන් වෙත දන්වා සිටි බව අපට වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top