පැනපු පොහොට්ටු වැඩ්ඩෝ අනාථයි. පොහොට්ටු සොක්කෝ සිලින්ඩරේ රජ කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට රනිල් ලඟට ගිය පොහොට්ටු වැඩ්ඩොන්ට පළමු රැළියේදී තරු විසි වී තිබෙන බව අප වෙත වාර්තා වී තිබෙනවා. ඒ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ විසින් පොහොට්ටු වැඩ්ඩන් වේදිකාවේ කොණට දමා, පොහොට්ටු සොක්කන්ට වේදිකාවේ මයික්‍රපෝනය ලබා දීමට අරගෙන ඇති තීරණය නිසාවෙන්.

පොහොට්ටුවේ සිට පැමිණි හොර ලේබලය වැදුනු කිසිවෙක්ට මැතිවරණ වේදිකාවේ කතා ලබා නොදිය යුතු බවත්, ඔවුන්ට කතා ලබා දිය යුත්තේ ඔවුන් විසින් සංවිධානය කරන රැස්වීම්වල පමණක් බවත්, රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබේ. රෝසි සේනානායක නොමැති අවස්ථාවල පමණක් කාන්තා නියෝජනය ලෙස පවිත්‍රා වන්නි ආරච්චි වෙත මයික්‍රපෝනය ලබා දීමට කටයුතු කරන ලෙස රනිල් වික්‍රමසිංහ තම සමීපතමයින්ට නියෝග කර තිබේ.

මෑතකදීම පොහොට්ටුවෙන් ගිය රෝහිත අබේගුණවර්ධනට දැන් ලෙසටම තිත්ත වී ඇති බව ඔහු තම සමීපතමයින්ට පවසා ඇත. රාජිත සේනාරත්න හා කුමාර වෙල්ගම ගන්නා බව තමන්ට නොපැවසූ බවත්, ඉදිරි මැතිවරණයකදි, මොවුන් දෙදෙනා එකතු වී තමන්ට නියත වශයෙන්ම පහර එල්ල කරනු ඇති බවත්, රනිල් ලඟට ඒමට ගත් තීරණය, තමන් ජීවිතයේ ගත් වැරදිම දේශපාලන තීන්දුව බවත් ඔහු විසින් තම හිතවතුන්ට පවසා තිබේ.

අද අනුරාධපුර රැස්වීමේදී, පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයින් ලෙස කටයුතු කල, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, කාංචන විජේසේකර, කනක හේරත්, රමේෂ් පතිරණ කියන කිසිවෙකුට කතාවක් ලබා නොදීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබිණ. පොහොට්ටු වේදිකාවේ ප්‍රභල කථිකයන් වූ දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, සීතා අරඹේපොල, වැනි අයටද කිසිදු අවස්ථාවක් ලබා දී තිබුනේ නැත.

ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගී වූ මහින්ද අමරවීර වගේම අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන වීරසුමන දිසානායකට පවා කතාවක් ලබා දී තිබුණේ නැත.

කෙසේ වුවත්, එදා සිට අද වෙනතුරු තමන්ගේ ගජ මිතුරු කල්ලියේ සෑම දෙනාටම කතා ලබා දී, ඔවුන්ව ඉහලට ගෙන ඒමට කටයුතු කිරීම නිසා, තමන් සමඟ තරඟයට එන එජාප පාක්ෂිකයින්ව ශක්තිමත් කිරීමට, රනිල් වික්‍රමසිංහ විසින් කටයුතු කිරීම නිසා, පොහොට්ටුවෙන් ගිය දැවැන්තයෝ ගලේ පහරපු බළලුන් සේ සිටින බවත්, තමන්ගේ ඉවත්වීම අඩුපාඩුවක් ලෙස නොසලකා පොහොට්ටුවේ දෙවෙනි පෙල මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දෙන ශක්තිය නිසා, ඔවුන් කබලෙන් ලිපට වැටී ඇති බවත් මේ වනවිට කතා වන බැව් වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top