බැසිල් ඇමෙරිකාවට.. අනුර සහ සාගල සිංගප්පූරුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෲ බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සනාත කරයි.

තවත් ප්‍රබලයින් දෙදෙනෙකුගේ ගුවන් ගමන් පිළිබඳව අපට වාර්තා වේ. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක හෙට දහවල් 12.15 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 308 අංක දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්වීමට නියමිත බව ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත වාර්තා කරනවා.

ඒ වගේම හිටපු ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හෙට පස්වරු 7.50ට UL 454 අංක දරන ශ්‍රි ලන්කන් ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිතව තිබේ. ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය මීට මොහොතකට කලින් අප වෙත තහවුරු කරනු ලැබුවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top