සජබෙන් එන්නෙ නෑ.. 27 වෙනකන් කල් දෙන්න. රනිල්, බැසිල්ට ආයාචනා කරයි.

පසුගිය ජූලි 3 දින පස්වරුවේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පොහොට්ටුවේ නිර්මාතෲ බැසිල් රාජපක්ෂ හමුවුනා. ඒ ජනපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ පණිවිඩයක් රැගෙන වීම විශේෂයක්.

අගමැති දිනේෂ් ගුණවර්ධනගේ පාර්ශ්වයෙන්, ඔහුගේ පුත් යදාමිණී ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, ඔහු සමඟ සහභාගී වූ අතර, බැසිල් රාජපක්ෂ සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් එහි ලේකම් සාගර කාරියවසම්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, පක්ෂයේ පාලක ලේක්ම් රේණුක පෙරේරා යන අය සහභාගී වුනා.

මෙහිදී අගමැති දිනේෂ් ගුණවර්ධන ජනපතිගේ විශේෂ පණිවිඩය බැසිල් රාජපක්ෂ වෙත දන්වා සිටින ලදී. එය නම්,

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා හෙළි කිරීම තව දුරටත් කල් තබන ලෙසත්, ජූලි මස 27 දින වන විට කෙසේ හෝ සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු 15කට නොඅඩු සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගැනීමට කටයුතු කරන බවත් ය.

ඊට පිළිතුරු දුන් බැසිල් රාජපක්ෂ කියා ඇත්තේ,

සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු එකතු කර ගත්තා හෝ නැතා, රනිල් මැතිවරණයෙන් දිනන වැඩ පිළිවෙල පළමුවෙන් පෙන්නා දෙන ලෙසයි. එම වැඩ පිළිවෙල සාර්ථක නම්, පොහොට්ටුවේ සහාය ලබා දෙන බවත්, මෙතෙක් එම වැඩ පිළිවෙල විකල්ප අපේක්ෂකයෙකු විසින් පෙන්වා දී ඇති බව සහ තමන් ඒ පිළිබඳව විශ්වාස කරන බවත් දන්වා ඇත.

සමඟි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු එකතු වුනත්, රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණය කිරීමට නොහැකි බව තමන් පිළිගන්නා බව ප්‍රකාශ කර ඇති දිනේෂ් ගුණවර්ධන මහතා, පොහොට්ටුව දිනවන ජනපතිවරයාගේ, අගමැති තනතුරට හෝ රනිල් වික්‍රමසිංහ පත් කරමු යැයි කියා යෝජනා කර ඇත.

ඉතිහාසයේ දැවැන්ත වාමාංශික පරපුරකින් පැවත එන ඔබ වැනි අයෙක්, මෙවන් පණිවිඩයක් රැගෙන ඒම හාස්‍යයට කරුණක් යැයි කියූ පොදුජන පෙරමුණ පාර්ශ්වය එම යෝජනාවද බැහැර කර ඇත.

අගෝස්තු 16 වනවිට රනිල් වික්‍රමසිංහ දිනන වැඩ පිළිවෙල ඉදිරිපත් කරන ලෙසත්, එසේ නොමැති නම්, තම පක්ෂයට තව දුරටත් බලා සිටිය නොහැකි බවත්, බැසිල් රාජපක්ෂ අවසන් වශයෙන් දිනේෂ් ගුණවර්ධන වෙත පවසා ඇත.

මෙම ආරංචිය කණ වැකුණ ජාතික ජන බලවේගය පාර්ශ්වය ඉතාම නොසංසුන් වී ඇති බවට පැලවත්ත ජාතික ජන බලවේග ආරංචි මාර්ග අප වෙත දන්වා සිටියේය. රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ජන බලවේගයට ලබා දී තිබූ පොරොන්දුව වන, ප්‍රධාන විපක්ෂය කියන සිහිනය නැත්තට නැති වී යාමත් සමඟ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සතු නායකත්වය දැඩි අභියෝගයකට ලක් වෙමින් තිබෙන බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහගේ ලණු කෑම නිසා තම පක්ෂය මෙවර මැතිවරණයෙන් පසු සිදුවන සෝදාපාලුව නැවැත්විය නොහැකි බවත්, හැකි ඉක්මණින් පොහොට්ටුව සමඟ සන්ධාන ගත වී හෝ මේ ගැටළුව විසදාගත යුතු බවත් හරිනි ප්‍රමුඛ ජාතික ජන බලවේග පාර්ශ්වයේ අදහස වී තිබේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වය, මෙම අදහසට විරුද්ධ මතයක සිටින බවත්, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය බවට පත් කර, සිය පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට ගත් පියවර මෙම හානියට මුල් වූ හේතුව ලෙස පවසමින්, අනුර කුමාර දිසානායකගේ නායකත්වය අභියෝගයට පත් කරමින් සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත්, දේශපාලන විචාරකයින් පවසන්නේ, පොහොට්ටුවේ සිය මේසය අසල වාඩි වී, කටු සටහන් ඇන්ද බැසිල් රාජපක්ෂ, වත්මන් ශ්‍රී ලාංකික දේශපාලන පිටිය, නැවත සිය දෙවුර මතට සාර්ථකව ලබා ගෙන තිබෙන බවය. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top