පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු බැසිල් රාජපක්ෂයි. සිරිසේන CID යට කියයි

ශ්‍රී ලංකාව කැළඹූ පාස්කු ප්‍රහාරය මේ වනවිටත් ප්‍රවෘත්ති මවමින් ඉදිරියට යන බව අමුතුවෙන් කිව යුතු නැත. මෛත්‍රීපාල ඉරිසේන ජනපති සමයේ සිදුවුන මෙම දරුණු පාස්කු ප්‍රහාරය, ආරක්ෂාවෙන් සුරක්ෂිතව තිබූ ශ්‍රී ලංකා ජනතාවගේ හදවත් භීතියෙන් සලිත කරන්නට සැලැස් වූ බව අපට මතකය.

පසුගියදා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු තමන් දන්නා බවත් එය විනිසුරුවන් ඉදිරියේ රහසිගත කට උත්තරයක් ලෙස ලබා දීමට සූදානම් බවත් ය.

කෙසේ වුවත්, මෙම ප්‍රකාශය පාදක කර ගනිමින් සිරිසේන මහතාව ඊයේ රහස් පොලීසියට කැඳවා පැය පහක් ප්‍රශ්ණ කිරීමට කටයුතු කෙරිණි. එහිදී ඔහු ලබා දුන් කට උත්තරය පිළිබඳව පොලීසියේ නිළධාරීන් විස්මයට පත්වී ඇත්තේ, එකිනෙකට පරස්පර මෙවන් කට උත්තරයක්, හිටපු ජනපතිවරයෙකු ලෙස වගකීම් විරහිත ලෙස ලබා දෙන්නේ කෙසේද යන්න විමසමිනුයි.

පිටු 18 කට වැඩි කට උත්තරයේ සාරාංශය පහත පරිදි බව පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඇසුරින් අප වෙත ලැබී ඇත.

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු වෙන්නෙ මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරු බැසිල් රාජපක්ෂයි. ඉදිරි මැතිවරණයක ජයග්‍රහණය බලාගෙන තමයි එයාලා මේ ත්‍රස්තවාදී වැඩේ කලේ. ඔවුන්ව සම්භන්ධීකරණය කලේ නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක්. පිල්ලෙයානුත් මේකට සම්භන්ධයි. සති තුනකට කලින් මම මේක දැන ගත්තා කීවේ, මහ ජනතාව කැළඹෙයි කියලා. නමුත් ඒ කාලෙම ආරක්ෂක අංශ අපට මේ බව කීවා. රනිල් කැමති වුනේ නෑ මේවා හෙලි කරන්න. ඒ කාලේ අපත් එක්ක හිටපු ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මේක ප්‍රසිද්ධියේ කියන්න උත්සාහ කලා. නමුත් රනිල් වික්‍රමසිංහ දැඩිව කීවා ඒක කරන්න එපා කියලා. මට ඕන වුනා රාජපක්ෂලාව හිරේ දාන්න. බැරි වුනේ රනිල් වික්‍රමසිංහ නිසා.

දැන් ගෝඨාභය පොත් ලියලා ශවේන්ද්‍ර සිල්වලා කමල් ගුණරත්නලාව වැරදි කාරයෝ කරන්න හදනවා මැයි 9 සිද්ධියට. හැබැයි පාස්කු ප්‍රහාරය එල්ල කරන්න රාජපක්ෂලාට උදව් කලෙත් එයාලාමයි. ඒවා දැනගෙනත් රනිල් වික්‍රමසිංහ තාම ශවේන්ද්‍ර සිල්වායි, කමල් ගුණරත්නටයි තනතුරු දීගෙන තියාගෙන ඉන්නවා.

ඔබතුමා දේශපාලන අරමුණකින්ද මේ චෝදනාව කරන්නේ? යනුවෙන් රහස් පොලීසිය අහපු ප්‍රශ්ණයට මෛත්‍රීපාල සිරිසේනගේ පිළිතුර වී ඇත්තේ,

මට රාජපක්ෂලාවත් රනිල්වත් වැඩක් නෑ. මම නියෝජනය කරන්නෙ ජාතිකවාදී මතයක්. ඒ මතයට රනිල්වත්, සජිත්වත්, අනුරවත් හරියන්නෙ නෑ. රාජපක්ෂලා රනිල් එක්ක යන නිසා එයාලාත් හරියන්නෙ නෑ. එළැඹෙන මැතිවරණයකදී අපි නිර්මාණය කරන්නෙ අලුත් සංධානයක්. රටට ආදරේ කරන ජාතිකවාදී කඳවුරක් අපි නිර්මාණය කරන්න ඕන. ඒකට කිසිම වාසියක් මේ කට උත්තරේ නෑ. පාස්කු ප්‍රහාරය කලේ රාජපක්ෂලා කියන එක මම දන්නවා.

මෙම ඡෝදනාව සනාථ කරන්න ඔබට සාක්ෂි තිබෙනවාද? යනුවෙන් රහස් පොලීසිය ඇසූ , සිරිසේනගේ පිළිතුර,

මට මෙය දැනුම් දුන්න අයගෙ නම් සහ දින අනුපිලිවෙලින් කියන්න පුලුවන්. නමුත් ඔවුන් ඒවා පිලිගනීද කියලා මට ප්‍රකාශ කරන්න බැහැ. මම මේ කරන ප්‍රකාශය අසත්‍යයක් නෙවෙයි. ඒ නිසා එහි වගකීම මට ගන්න පුලුවන්

කෙසේ වුවත් රහස් පොලීසිය විසින් සිදු කල හරස් ප්‍රශ්ණ වලට පිලිතුරු ලබා දීම, මෛත්‍රීපාල සිරිසේන විසින් දැඩිව ප්‍රතික්ෂේප කර ඇති බවත්, එම සියළු කාරණා අධිකරණ ක්‍රියාවලියේදී හෙලි කිරීමට තමන් සූදානම් බවත් ප්‍රකාශ කර ඇති බව, රහස් පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත වාර්තා කර තිබිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top