මෛත්‍රීගේ කට උත්තරයෙන්, ජාතිවාදී කුමණ්ත්‍රණයක සුලමුල හෙලි වේ.

මීට දින දෙකකට ඉහතදී ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ විමර්ශණ අංශයට මෛත්‍රීපාල සිරිසේන කැඳවන්නේ, පාස්කු ප්‍රහාරය පිළිබඳව ඔහු කල ඉතා ආන්දෝලනාත්මක හෙළිදරව්ව හේතුවෙනි. ඒ පිළිබඳව අප පසුගිය ලිපියකින් කරුණු අවධාරණය කරනු ලැබූ අතර, මේ වනවිට ශ්‍රී ලංකා පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත දන්වා සිටින්නේ, ඒ තුලින් වෙනත් කුමණ්ත්‍රණයක සුලමුල හෙලි කර ගැනීමට, අපරාධ විමර්ශණ අංශ නිලධාරීන් සමත්ව ඇති බවයි.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා රහස් පොලීසිය හමුවේ, මෙම කුමණ්ත්‍රණයේ මහ මොලකරු ලෙස බැසිල් රාජපක්ෂගේ නම් සඳහන් කර ඇති නමුත්, දිගින් දිගටම කල ප්‍රශ්ණ කිරීම් හමුවේ, ඉමහත් අසරණ භාවයට පත්ව ඇති හිටපු ජනපතිවරයා, මෙම කතාවට හේතු වූ දේශපාලනික පසුබිම රහස් පොලිස් නිළධාරීන් වෙත හෙලි කර ඇත. ඒ ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවටත්, ඒ හරහා අවම දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නට වේ යැයි රහස් පොලිස් නිලධාරීන් සිදු කල ප්‍රකාශයත් සමඟ බව වැඩි දුරටත් එම විශ්වාසදායී ආරංචි මාර්ග සඳහන් කරයි.

මෛත්‍රීපාල සිරිසේන මෙම ප්‍රකාශය කරන්නේ, ඉදිරි ජනපතිවරණය ඉලක්ක කරගෙන බවත්, මේ තුලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ජාතික ජන බලවේගය මේ රටේ ජනතාව තුල අප්‍රසාදයට පත් කිරීම මූලික අරමුණ බවත් සඳහන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයෙන් මේ වනවිට ඉවත්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය වැනි පක්ෂ සහ ඩලස් අලහප්පෙරුම ඇතුලු ස්වාධීන මන්ත්‍රීවරුන් වෙනම සන්ධානයක් හරහා ඉදිරි ජනපතිවරණයකට ඉදිරිපත් වීමට අදහස් කර ඇතැයි ද, එම පිරිස මව්බිම ජනතා පක්ෂයේ නව නායක දිලිත් ජයවීර සමඟ කටයුතු කරන්නට අදහස් කරගෙන සිටින බවද ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.

තමන් මෙම ප්‍රකාශය කලේ දිලිත් ජයවීරගේ පූර්ණ අනුමැතිය ඇතිව බවත්, මෙම ප්‍රකාශයට සුවිසල් මාධ්‍ය ප්‍රචාරයක් දිලිත් ජයවීරට අයිති මාධ්‍යයන් හරහා ලබා දීමට ඔහු විසින් එකඟ වූ බවත්, මෛත්‍රීපාල සිරිසේන විසින් වැඩි දුරටත් පවසා තිබේ.

කිසිදු පක්ෂයකට හිමි නැතුව තිබෙන ජාතිකවාදී ඡන්ද තම සන්ධානයට එකතු කර ගැනීම, මෙහි මූලික අරමුණ බවත්, මේ වනවිට තර්ජනයක්ව තිබෙන අනෙකුත් පක්ෂ අඩපණ කිරීමටත් මෙම ප්‍රකාශය පාදක කර ගැනීමට, තම දේශපාලන සන්ධානය බලාපොරොත්තු වූ බවත් ඔහුගේ කට උත්තරයේ සඳහන්.

ඒ වගේම මෙම ප්‍රකාශය පාදක කරමින්, පාස්කු ප්‍රහාරයට පස් වසරක් පිරෙන, එළැඹෙන අප්‍රේල් 21 දින, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් යුතුව බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සම්මණ්ත්‍රණයක් සිදු කිරීමටත්, පසුව එම සම්මණ්ත්‍රණය දිවයින පුරා ආසන මට්ටමින් සිදු කිරීමට සැලසුම් කර තිබූ බවත්, ඔහු විසින් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, මේ හරහා ජාතිවාදය ඇවිස්සීමට ඉඩ ඇති බව රහස් පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇති අතර, ඊට පිළිතුරු ලෙස මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර ඇත්තේ, එසේ වන බව තමනුත් පිළිගන්නා බවයි.
රහස් පොලිස් නිළධාරීන් විසින්, මෙම කරුණු එම මොහොතේම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ටිරාන් අලස්ට සහ ජනපති රනිල් වික්‍රමසිංහට දන්වා ඇති අතර, මෙම ප්‍රකාශය සම්භන්ධව, නීතිපති උපදෙස් ලැබෙන තුරු මෛත්‍රීපාල සිරිසේන නිදහස් කර යවන ලෙස ජනපති විසින් පොලිස්පති වෙත නියෝග ලබා දී ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත්, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ මෙම ප්‍රකාශය සම්භන්ධ මෙම ආන්දෝලනාත්මක හෙලි කිරීම්, සමාජ මාධ්‍යයන් වල පලවන්නට පටන් ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල විසින්
එම හෙලිකිරීම් සාවධ්‍ය පව පවසා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුනා.

එම නිවේදනය ප්‍රවෘත්තියක් කරමින්, ජාතික පුවතක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කලේ, දිලිත් ජයවීරට අයත් දෙරණ මාධ්‍ය ජාලය පමණක් වීමද, විශේෂත්වයක්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top